වාසනාව ගෙනා Not Coin

Notcoin (NOT), මිලියන 35 කට අධික පරිශීලකයින් සිටින Gaming token එක, එයාර්ඩ්‍රොප් හරහා සහ හුවමාරු කිරීම් කිහිපයකින් බෙදා හැරීමෙන් පසු ඩොලර් බිලියන 1 ක සම්පුර්ණ තනුක වටිනාකමකින් (FDV) හෙවත් fully diluted value එකකින් වෙළඳාම ආරම්භ කර ඇත. මේ වන විට binance හි ඔබටත් Not coin trade කිරීමට අවස්තාව ඇත.


CoinMarketCap ට අනුව, වෙළඳාමේ පළමු පැය තුළ ටෝකනය ඩොලර් මිලියන 294 ක් වෙළඳාම් කර ඇත.
ටෙලිග්‍රාම් යෙදුම හරහා ප්‍රවේශ විය හැකි මෙම ක්‍රීඩාව සමග සහභාගී වූ මුල් අනුගාමිකයින්, විවිධ challanges සම්පුර්ණ කරමින් ජනවාරි සිට අප්‍රේල් දක්වා not coin ලබාගත් අතර එය 1000:1 අනුපාතයට පරිවර්තනය කර ඇත.
Notcoin හි උපරිම සැපයුම බිලියන 102 ක් වන අතර, Binance Launchpool භාවිතා කරන්නන් සඳහා 3%ක් වෙන් කර ඇති අතර තවත් 1.5%ක් OKX Jumpstart භාවිතා කරන්නන් සඳහා වෙන් කර ඇත.
මෙම ව්‍යාපෘතිය මගින් එයාර්ඩ්‍රොප් farmers ලා හට ඔවුන්ගේ ටෝකන තබා ගැනීමට දිරිගැන්වීමේ යාන්ත්‍රණයක් ද හඳුන්වා දී ඇත. “අමතර ත්‍යාග උපයා ගැනීමට” සහ ක්‍රීඩාවේ ක්‍රීඩකයාගේ මට්ටම මත පදනම්ව වඩාත් ලාභදායී staking pools වෙත ප්‍රවේශය ලබා ගැනීමට Staking අවශ්‍ය වනු ඇත.


නොට්කොයින් සංවර්ධකයින් මෙන්ම Open builders හි නිර්මාතෘ Sasha Plotvinov පැවසුවේ “එය පුදුමාකාර මාස කිහිපයකි. “Notcoin හි අතිශය වර්ධනය මිලියන ගණනක් crypto හඳුන්වා දී ඇති බව අපි අතිශයින් ආඩම්බර වෙමු.”