ZTE Blade A73

දැනට ශ්‍රී ලංකාවේ budget range එකේ smart phone prices බලාගෙන යන විට කැපී පෙනන මිලකට තියන smart phone එකක් තමයි ZTE blade A73 කියන්නේ. රු.34,999 කට (2024 මැයි මස මිල) පමණ මිලදී ගත හැකි Blade A73 phone එක අපිට ලැබෙන්නේ TRCSL approval එක සහිතව වගේම 1 Year Singer warranty එකකුත් එක්ක.

Unboxing එක ගැන කතා කලොත් අපිට charger එක, cable එක, Screen protector එකක්, back cover එකක් වගේ හැමදේම ලැබෙනවා. ඒ විතරක් නෙමේ, userguides, sim tool එකට අමතරව handsfree එකකුත් තිබ්බ එකනම් සැහෙන්න පුදුමයක් 2024 අවුරුද්දේදී.

A73 එකේ දැකපු හොඳම දේ මේකේ තියන ගොඩක් clean සහ වෙනස් විදියේ design එක. පසු පස තියන texture එක සැහෙන්න unique මේ price එකත් එක්ක බලද්දී. ඒ වගේම camera bump එක සාමාන්‍ය glass design එකකින් තියාගෙන මේ තියන back texture එක මේ වගේ වෙනසක් එකතු කරලා තියන එකෙන් ටිකක් midrange look and feel එකක් මේ phone එකට එකතු කරලා තියනවා.

phone එක ලැබෙන්නේ 5000 mAh battery එකක් එක්ක. ඒ වගේම type c charging port එකක් එක්ක තමයි මේ phone එක එන්නේ. මේක සැහෙන්න ලොකු දෙයක්. ඒ වගේම 22.5W Wall adapter එකක් ලැබෙන නිසා ගොඩක් හොඳ charging speed එකක් expect කරන්නත් පුළුවන්.

Biometrics විදියට fingerprint option එක ලැබෙනවා. power button එක fingerprint sensor එකක් විදියට භාවිත කරන්න පුළුවන් කම තියනවා. ඒ වගේම face unlock පහසුකමත් තියනවා. Phone එක dual sim, ඒ කියන්නේ ඔයාට sim cards දෙකක් එක්ක SD card එකක් එකම වෙලාවේ පාවිච්චි කරන්න පුළුවන් කමත් තියනවා.

Display එක විදියට ලැබෙන්නේ IPS LCD 6.6 inch display එකක්. මෙතැනදී ලැබෙන්නේ HD display එකක්. මේක full HD වුනානම් හොඳයි වගෙත් හිතෙනවා. නමුත් එදිනෙදා ජීවිතයේදී අපිට ඒක මේ price එකත් එක්ක ලොකු වෙනසක් පෙන්නන දෙයක් නෙමේ කියලයි මගේ මතය වෙන්නේ. කොහොම නමුත් මේ phone එකේ එන display එක නම් 90Hz display එකක්. මෙච්චර refreshrate එකක් මේ price එකේ ලැබෙන එකනම් wow fact එකක්.

Performance ගැන කතා කලොත්, අපිට ලැබෙන්නේ 4GB physical ram එකත් එක්ක තවත් 4GB Ram එකක්. ඒ virtual memory එකක් විදියට. Android වල ලැබෙන feature එකක් විදියට අපි කලිනුත් ලිපියකදී මේ ගැන කතා කළා.

මේ විදියට සම්පුර්ණ වශයෙන් 8GB Ram එකක් ලැබෙනවා වගේම 128GB Internal storage එකක් ලැබෙනවා. තව දුරටත් 8 core CPU එකක් ලැබෙනවා වගේම Android 13 එක්ක සියලුම google applications, playstore එක්ක තමයි අපිට මේ phone එක ලැබෙන්නේ. Games සහ apps use කරද්දී price එකත් එක්ක ගොඩක් හොඳ performance level එකක් වගේම heat management එකක් බලාගන්න පුළුවන් වුනා.

අවසාන වශයෙන් කැමරා ගැන කතා කරද්දී ප්‍රධාන කැමරා 2ක් මේ A73 එකත් එක්ක ලැබෙනවා. මෙතනින් ප්‍රධාන කැමරාව 50MP wide camera එකක් වගේම 2MP depth camera එකක් ලැබෙනවා. මෙතැනදී detailed photos capture කරන්න පුළුවන් වගේම මේ photos AI එක්ක process කරන නිසා ගොඩක් හොඳ output එකක් ලබාගන්න පුළුවන්. Video quality එකත් ගොඩක් හොඳ මට්ටමක තියනවා, සාපේක්ෂව stable සහ quality video එකක් record කරගන්න පුළුවන්. depth camera එක නිසා ඇත්තටම optical විදියේ portraits capture කරගන්න පුළුවන් background blur එකක් එක්කම.