Pendrive එකෙන් Windows

බොහොමයක් වෙලාවට අපි පුරුදු වෙලා ඉන්න දෙයක් තමයි CD, DVD භාවිතයෙන් windows වගේ operating systems install කරන්න. නමුත් අද වෙද්දී අපි DVD භාවිතය අවම කරලා ඉන්න නිසා තව දුරටත් DVD භාවිත කරලා මේ දේ කරන්න අමාරුයි.

මේ නිසා සමහර වෙලාවට ඔයා upgrade option එක භාවිත කරලා windows upgrade කරන අවස්ථා ඇති. එත් අපි අද කතා කරන්නේ ඔයා ගාව තියන pen drive එක කොහොමද bootable drive එකක් කරන්නේ කියලා.

මේකට ඔයාට මුලින්ම pendrive එකක් ඕනේ. මේ pen drive එක අඩුම 8GB වත් වෙන්න අවශ්‍යයි.

දැන් ඔයාට ඕනේ කරන iso file එක, එහෙම නැත්නම් image එක download කරගන්න. මේක windows වෙන්න පුළුවන්, linux වෙන්න පුළුවන්.

Windows 10 – https://www.microsoft.com/en-us/software-download/windows10ISO
Windows 11 – https://www.microsoft.com/software-download/windows11
Ubuntu – https://ubuntu.com/download/desktop

මෙතන මම කිහිපයක් පමණක් සඳහන් කලත්, ඔයාට අවශ්‍ය ඕනෑම operating system එකකට මෙය භාවිත කරන්න පුළුවන්. iso image එක මුලින්ම download කරගන්න. මෙතැනදී x86 යනු 32 bit වන අතර ඔයාගේ පරිගණකයේ 2GB වඩා වැඩි ram එකක් තියනවනම් x64 හෙවත් 64bit version එක download කරන්න.

දැන් download කරගන්න rufus කියන software එක. මේක පුංචි tool එකක්. මෙතනින් – https://rufus.ie/en/

දැන් ඔයාගේ pen එක computer එක‍ට සම්බන්ද කරලා මේ software එක open කරන්න. මෙතැනදී ඔයාගේ device එක සහ image file එක ලාබදෙන්න. පසුව start button එක press කරන්න. මිනිත්තු කිහිපයක් තුල එය bootable drive එකක් සකස් කරනු ඇත. හැබැයි මෙතැනදී pendrive එක සම්පුර්ණයෙන් format වීම සිදුවෙනවා.

පසුව, පරිගණකය restart කර ලැබෙන instructios පරිදි boot menu එක ලබාගත හැක. ඔබගේ computer manufacture මත වෙනස් වෙන දෙයක්. එසේ boot menu එක සඳහා key එකක් පෙන්වන්නේ නැත්නම් bios settings හරහාද boot order එක වෙනස් කර ඔබගේ pendrive එකට මුල් තැනක් ලබාදිය හැක.

දැන් සුපුරුදු පරිදි, installation එක සිදු කල හැක. අමතරව, ඉහත තිබු windows installers භාවිත කර කෙලින්ම pendrive එක rufus නොමැතිව bootable කිරීමටත් හැකියාව තියනවා. නමුත් iso file එක download කර rufus භාවිතය යම්තාක් දුරකට ආරක්ෂිතයි.