Virtual Ram සාර්ථකද ?

අලුත්ම android versions සමග අපි දකින දෙයක් තමයි, ගොඩක් phones virtual memory එකක් එක්ක ලැබෙනවා. අලුතෙන් android phone එකක් ගනිද්දී අපි දකිනවා 4GB + 4GB කියලා වගේ Ram එක සඳහන් වෙනවා. නමුත් මෙය ඇත්තටම සාර්ථකද ?

Virtual ram කියන සංකල්පය මුලින්ම අපිට බලාගන්න හම්බවෙන්නේ windows computers තුල. ඒ මිට අවුරුදු 10-15 කට වගේ කලින් ඉදන්. ready boost කියන නමින් තමයි මේ feature එක අපිට ලැබුනේ. මෙතැනදී අපිට පරිගණකයට අපේ pendrive එකක් ඇතුල් කරලා මේකේ තියන storage එක ram එකක් බවට පරිවර්තනය කරන්න පුළුවන් වුනා. නැවතත්, මෙය 100% සාර්ථක නැහැ කියලා අපි හැමෝම දන්නවා.

RAM එහෙම නැත්නම් random access memory කියන්නේ පරිගනකයක main memory එක. එතකොට hard disk එකක් කියන්නේ ප්‍රධානම storage එක වුනාට මේක වෙන්නේ secondary memory එකක්. එත් ඇයි ?

පරිගණයක් හෝ දුරකතනයක් භාවිත කරද්දී, භාවිත වෙන අතරතුර දත්ත save වීම සිදුවන්නේ මේ තියන Ram එකට. උදාහරණයක් විදියට game එකක් අපි සෙල්ලම් කරද්දී, මේකේ data තාවකාලිකව ram එකට save වෙනවා. මේ නිසාම ram එක ගොඩක් වේගවත් වෙන්න ඕනේ. මොකද මේ විදියට real time data save වෙන්න වගේම data retrieve කරන්න ram එකට පුළුවන් වෙන්න ඕනේ.

අනිත් අතට hard disk, phone එකක්නම් ROM එකේ කතාව ටිකක් වෙනස්. ඔයා notes app එකට ගිහින් note එකක් save කරද්දී මේක save වෙන්නේ ROM එකට. ඔයාට තේරෙනවා ඇති, අර game එකකදී ඒ game එක නිතරම ram එක access කරනවා. තත්පරයකට දහස් ලක්ෂ වතාවක්. හැබැයි අපි note එකක් save කරන්නේ සමහර විට පැයකටම එක පාරක් වෙන්න පුළුවන්. ඒ නිසා ram එක වගේ තාවකාලිකව data තියාගන්න දෙයක් නෙමේ ROM එක කියන්නේ. ඒ නිසා RAM එක තරම්ම වේගවත් වෙන්න ඕනෙම නැහැ.

දැන් ප්‍රශ්නේ, ROM එක slow නම්, මේක RAM එකක් වෙන්නේ කොහොමද ? අපි දන්නවා මේ විදියට virtual ram එකක් හදන්න internal storage එකෙන් කොටසක් අපි කැප කරනවා. සරලවම ඔයාගේ phone එකේ 4GB virtual memory එකක් ලැබෙනවානම් ඔයාට අවස්තාව තියනවා 4GB ඔයාගේ internal storage එකෙන් අයින් කරලා ඒක ram එකට දෙන්න.

මෙතැනදී ඇත්තටම ගැටළුවක් නැහැ, මොකද phones වල 2,4 GB වගේ අඩු ram ආවට 64,128,256 GB වගේ ලොකු storage එන නිසා. එත් ප්‍රශ්නේ, RAM එකයි ROM එකයි කියන්නේ දෙකක්. ඉතින් මෙච්චර වෙලා තේරුණා විදියටම 4GB ප්‍රමාණයක් internal storage එකෙන් ලැබුණු පලියට ඒ ප්‍රමාණයම ram එකක් වෙන්නේ නැහැ. වුනත්, ඒක අර ram එක තරම් effective වෙන්නෙත් නැහැ.

තවත් විශේෂම දෙයක් තමයි, අපි ram එකක් වැඩි කරගන්න හදන්නේ අපේ phones stuck වෙන නිසා නේ. නමුත් ඇත්තටම අපේ phones stuck වෙන්න ram එකම නෙමේ බලපාන්නේ. CPU එක. බොහෝ විට මුලින්ම phone එකක CPU usage එක වැඩි වෙන නිසා තමයි stuck වෙන්න පටන් ගන්නේ. බොහෝ විට ඒ නිසා ram එකක් නෙමේ අපේ දුරකතනයට අවශ්‍ය. CPU එක upgrade කරගන්නයි. මොකද ඔයාගේ phone එක හිර වෙන වෙලාවට app එකක් පාවිච්චි කරලා හරි ram usage බැලුවොත් ඔයාටම තේරේවි ඇත්තටම ram එක පිරිලා නැහැ කියලා.

අවසාන වශයෙන් මේක වැඩක් නැද්ද ? ඔයා phone එකක් ගනිද්දී හැම වෙලේම physical ram එක විතරක් focus කරන්න. virtual ram එකේ පොඩි බලපෑමක් ඇති. හැබැයි ඒ ඔයා ගණන් අඩු. ram එක අඩු smart phone එකක් ගන්නවානම්. හැබැයි තේරුම් ගන්න, virtual ram එක තිබ්බත් එකයි නැතත් ලොකු වෙනසක් නැහැ කියන එක. අද වෙද්දී ගොඩක් සමාගම් මේ virtual memory කියන එක marketing tool එකක් කරන තියනවා. ඒ නිසා phone එකක Ram එකට වඩා තවත් ගොඩක් දේවල් සලකන්න තියනවා.