Home Tech Videos Programming Aviation

CES 2026 හිදී නිකුත්වුන MSI බලකාය

Tech News දින 2 කට පෙර 3178 Views

CES 2026 උළෙලේදී MSI ආයතනය විසින් තම Laptop family එක නවීකරණය කරමින්, Productivity සහ Gaming සඳහා වෙනම අවධානය යොමු කළ නව ලැප්ටොප් මාලාවක් හඳුන්වා දුන්නා. මෙහි ප්‍රධාන ආකර්ෂණය වුයේ professional users ලා සඳහා සම්පූර්ණයෙන්ම නැවත නිර්මාණය කළ Prestige ශ්‍රේණියයි. ඒ සමඟම, නවීන Intel සහ NVIDIA දෘඩාංග මත පදනම්ව Raider, Stealth, සහ Crosshair ක්‍රීඩා ලැප්ටොප් මාලාවන් යාවත්කාලීන කර තිබුණි.

MSI පවසන්නේ නව Prestige series හි ලැප්ටොප් පරිගණක, creators සහ business users ලා ඉලක්ක කර සකස් කර ඇති අතර වෙනස්ම පෙනුමකින්, ගොඩක් අඩු බරකින්ද සමන්විත වීම කැපී පෙනෙන ලක්ෂණයක් වේ. Prestige 14 සහ Prestige 16 යන මාදිලි වල Slim aluminum bodies දැකගත හැකි අතර, බරින් අඩු වීම සහ දිගු බැටරි කාලයක් තිබීම, එදිනෙදා වැඩ සඳහා ඉතා සුදුසු බවක් පෙන්වා දී තිබේ. මෙහි processor එක වශයෙන් Intel Core Ultra Series 3 ලැබෙන අතර, තෝරාගත් මාදිලි වල Intel Arc ග්‍රැෆික්ස් සමඟ වැඩි performance අවශ්‍යතා සපුරාලීමට හැකි වේ.

 

 

එමෙන්ම, Prestige 14 සහ 16 සඳහා Flip කල හැකි මදිලීන් හඳුන්වා දී ඇති අතර, Touch screens සහ ස්ටයිලස් (stylus) සහාය ඇති බැවින් මෙය 2-in-1 නිර්මාණයක් ලෙස සැලකේ.  මෙහි Nano Pen එකක් ඇතුළත් කර ඇති අතර, එය ලැප්ටොප් තුළින් ආරෝපණය කරමින් Copilot හි voice input වැනි ක්ෂණික ක්‍රියාකාරකම් සඳහා සහාය දක්වයි. විශාල touch pad එකක්, OLED තිර සහ ව්‍යාපාරික ආරක්ෂක විශේෂාංග මෙහි අංග වේ. (business-grade security features)

ඉතාමත්ම සරල සහ පහසු ගමන් සඳහා, Prestige 13 AI+ මාදිලියද හඳුන්වා දී තිබේ. MSI ආයතනය සඳහන් කරන්නේ එය ග්‍රෑම් 900 ක තරම් අඩු බරකින් යුත් බවත්, දෛනික කාර්‍යයන් සඳහා ලාභදායී සහ පහසු ලැප්ටොප් අවශ්‍ය වෘත්තීය පරිශීලකයින්ට ඉතා සුදුසු බවයි.

MSI Modern පවුල, Modern 14S සහ 16S මාදීලින් සමඟ පුළුල් කර ඇත. මෙය premium පෙනුමක් ලබා දෙන අතර, ඉහළ මිලකට නොයන පරිශීලකයින්ට වෙනුවෙන් සකස් කොට ඇත. slim metal designs, Intel Core Ultra ප්‍රොසෙසර්, upgrade කල හැකි memory එකක්, සහ USB-A, USB-C, HDMI, Ethernet වැනි විවිධ පෝර්ට් වලින් සමන්විත වේ.

Gaming සඳහා MSI විසින් Raider, Stealth, සහ Crosshair series යාවත්කාලීන කර ඇත. Raider series එක ඉහල performance සඳහා තවදුරටත් ප්‍රමුඛතාවය ලබා දෙන අතර, MSI පවසන්නේ RTX 50-series හි GPU සඳහා විශාල බල සැපයුමක් මෙහි ඇති බවයි. Stealth මාලාව සරල සහ ජංගම හැකියාවන් සමඟ ශක්තිමත් performance level එකක් අවශ්‍ය ක්‍රීඩකයින්ට අදාළ වන අතර, Crosshair මාලාව අඩු මිලක් වියදම් කරමින් වැඩි performance level එකකට යාමට අරමුණු කරයි.

 

 

MSI විසින් Claw 8 AI+ Hand-help ක්‍රීඩා උපකරණයේ Glacier Blue Edition නව සංස්කරණයක් හඳුන්වා දුන්නා. මෙය දෘඩාංගය වෙනස් නොකර, අයිසි වර්ණ ආශ්‍රිතව නව වර්ණ සැලැස්මක් එක් කර තිබේ. සමස්තයක් ලෙස, MSI ආයතනය, CES 2026 නිකුතු වලදී, බර අඩු නිර්මාණ, AI-මූලික processor ශක්තිය වැඩි කිරීම සහ productivity සහ gaming ලැප්ටොප් දෙකේම කාර්ය සාධන හැකියාවන් (Performance) ඉහළ දැමීම පිළිබඳ පැහැදිලි උත්සාහයක් ගෙන ඇති බව පෙනී යයි. 

 

msi computers laptop