අලුත්ම iPhone Pocket මේස් එක
Apple ආයතනය Apple × Issey Miyake “iPhone Pocket” යන නම සහිතව iPhone සඳහා අලුත් accessory එකක් නිකුත් කරන ලදී. බොහෝ දෙනෙක් අතර මෙය ජනප්‍රිය වීමට හේතුව, මෙහි මිලයි.
ප්‍රධාන ආකාර දෙකකින් පැමිණෙන iPhone Pocket හි USA තුල මිල මෙසේය.
කෙටි (Short) Strap එකක් සහිත Pocket එක $149.95 පමණ එනම් ලංකාවේ මුදලින් දල වශයෙන් රු.45,000 පමණ වනු ඇත. (ලංකාවට පැමිණියහොත්, දල වශයෙන් රු.60,000 කට ආසන්න වනු ඇති බවට අනුමාන කල හැක)

දිගු Strap එක (long strap) සහිත iPhone pocket එකක් crossbody iPhons strap එකක් ලෙස හඳුන්වයි. මෙයට හේතුව, එහි දිගත් සමග, ඇඟ වටා පැළදීමට හැකිවීමයි. 229.95$ ක් වන මෙය, ශ්‍රී ලංකා මුදලින් දල වශයෙන් රු.69,000 පමණ සහ ශ්‍රී ලංකාවේදී රු.80,000 කට ආසන්න මුදලක් බලාපොරොත්තු විය හැකි වේ.
3D Knitted wearable pouch එකක් ලෙස පැමිණෙන iPhone pocket එක, සිනිඳු, ඇදෙන සුලු, මේස් එකක් ලෙස දැනෙනු ඇත. Apple ආයතන සහ ජපානයේ ප්‍රසිද්ධ fashion house එකක් වන Issey Miyake / Miyake Design Studio සමඟ collaboration එකක් ලෙස මෙම නිශ්පාදන පැමිනේ. මේ නිසා මෙන්ම මෙහි මිලත් සමග මෙය high-end designer accessory එකක් ලෙස සැලකේ.

3D knitted, තනි piece එකක් ලෙස (මැහුම් නොමැති) පැමිණෙන මෙම pocket එක, phone එක ඇතුල් කිරීමෙන් පසු, ඇදීමට ලක්වෙන නිසා, fabric හී හිඩස් තුලින්, phone එකෙහි notifications කියවීමට හැකි පරිදි සකස් වේ. iPhone එකට අමතරව, keys, Cards, lipstick, airpods වැනි දෑ දැමීමට හැකි වේ.
Short strap එක lemon (yellow), mandarin (orange), purple, pink, peacock/teal, sapphire (blue), cinnamon (brown), black යන පාට වලින් මිලදී ගැනීමට හැකි අතර long strap එක sapphire (blue), cinnamon (brown), black යන පාට තුනෙන් පමණක් ලබාගත හැකිවේ.
