Reload
Language: English தமிழ்

ඇමරිකාවෙන් චීන තාක්ෂණික උපකරණවලට නව සීමා

Tech News පැය 2 කට පෙර 197 Views

ඇමරිකාවේ Federal Communications Commission (FCC) විසින් චීනයේ නිෂ්පාදිත තාක්ෂණික උපකරණවලට එරෙහිව තවත් තද පියවරක් ගැනීමට යෝජනා කර තිබේ. මෙම යෝජනාව අනුව, කලින් අවසර ලැබූ චීන උපකරණ පවා ඇමරිකාවට ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම සලකා බලමින් ඇත. මෙය වොෂින්ටන් රජය විසින් චීන තාක්ෂණයට එරෙහිව ගෙන යන ආරක්ෂක පියවර මාලාවේ නවතම පියවරක් ලෙස සැලකේ. FCC විසින් 2021 දී Huawei, ZTE, Hytera, Hikvision සහ Dahua වැනි චීන සමාගම් “Covered List” යටතට ඇතුළත් කල අතර එම  සමාගම් නිෂ්පාදන ඇමරිකානු ජාතික ආරක්ෂාවට අවදානමක් වන බව FCC පවසයි.

ඊට අමතරව, 2022 නොවැම්බර් මාසයේදී FCC විසින් මෙම සමාගම්වල නව devices සඳහා අනුමත කිරීම සහ විකිණීම නවතා දැමූ අතර මේ වන විට  යෝජනා කරනුයේ තහනම කලින් අනුමත කර තිබූ devices සඳහාද ව්‍යාප්ත කිරීමයි.

FCC පවසන්නේ, මෙවැනි පියවරක් ගැනීමෙන් ඇමරිකාවේ communication networks සහ data systems ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය අවදානම් අඩු කළ හැකි බවයි. කෙසේ වෙතත්, මෙම නීතිය ක්‍රියාත්මක වුවහොත් පවා, දැනට භාවිතා කරන devices භාවිතා කිරීමට ජනතාවට ඉඩ ලබා දෙන බව FCC සඳහන් කරයි. නමුත් නව devices ආනයනය කිරීම ඉක්මනින්ම නතර කළ හැකි බවද ඔවුන් පවසයි. මෙය පසුගිය කාලය තුළ ඇමරිකාව විසින් ගත් තවත් පියවර සමඟ සම්බන්ධ වේ. 2025 දෙසැම්බර් මාසයේදී චීන drones ආනයනය තහනම් කළ අතර, පසුගිය සතියේ Chinese-made routers සඳහාද නව සීමා පැනවීය සිදු විය.මෙම  තත්ත්වය අතර, චීන සමාගමක් වන Hikvision, FCC තීරණයට එරෙහිව නඩු දමා ඇති අතර, FCC තම බලතල ඉක්මවා ක්‍රියා කරන බවට චෝදනා කරයි. එහෙත්, 2025 දී ඇමරිකානු අධිකරණයක් Hikvision සමාගමේ පෙර ඉල්ලීමක් ප්‍රතික්ෂේප කර තිබුණි. මෙම නව යෝජනාව ඇමරිකාව සහ චීනය අතර පවතින තාක්ෂණික යුද්ධය තවත් පුළුල් කරමින්, ලෝක තාක්ෂණික වෙළඳපොළටද බලපෑම් ඇති කළ හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

Huawei ZTE Hytera Hikvision

Comments (1)

Please login to comment

Loading comments...