Home Tech Videos Programming Aviation

Starlink 2026 දී සිය උපග්‍රහ කක්ෂය පහළ දැමීමට සැලසුම් කරයි

Tech News පැයකට පෙර 574 Views

Starlink සමාගම 2026 වසර පුරාවට තමන්ගේ satellite constellation එක නවතම ලෙස reconfigure කිරීමක් (යලි පිහිටුවීමක්) සිදු කිරීමට සැලසුම් කර ඇති බව නිල වශයෙන් නිවේදනය කර ඇත. SpaceX හි Starlink engineering උප සභාපති Michael Nicolls සඳහන් කර ඇති පරිදි, දැනට පෘථිවියෙන් කිලෝමීටර් 550 (km) උසින් පවතින Starlink satellites සියල්ල කිලෝමීටර් 480 (km) උසට පහළ දැමීමට නියමිතය.

මෙය සිදු කරන්නේ ඇයි?
මෙම පියවරේ ප්‍රධාන අරමුණ වන්නේ අභ්‍යවකාශ ආරක්ෂාව (space safety) වැඩි කිරීම බව ඔවුන් පවසයි.
Nicolls පැහැදිලි කරන්නේ, 500km ට පහළ කක්ෂ ප්‍රදේශයේ debris (අභ්‍යවකාශ කසළ) ප්‍රමාණය අඩු බවත් නව satellite constellations බොහෝදුරට ඉහළ කක්ෂ වල ස්ථාපිත කරන බවත්ය.
ඒ නිසා collisions (ගැටීම්) වීමට ඇති අවදානම සැලකිය යුතු ලෙස අඩුවන බවයි.


2025 දෙසැම්බර් මාසයේදී Starlink සමාගම, තමන්ගේ satellites එකක් space anomaly එකකට ලක්වූ බව අනාවරණය කළා.
එම satellite එක, 418km උසකදී සන්නිවේදනය කප්පාදු වී සුළු debris ප්‍රමාණයක් නිර්මාණය වී ඉතා ඉක්මනින් කිලෝමීටර් 4කින් පමණ altitude (උන්නතාංශය) පහළ වැටිණි. SpaceX සමාගමට අනුව, මෙය satellite එක තුළ සිදු වූ internal malfunction (අභ්‍යන්තර ගැටළුවක්) හෝ small explosion (කුඩා ප්‍රමාණයේ පිපිරීමක්) විය හැකි බවට සැක පළවී ඇත.මෙම සිද්ධිය Starlink වැනි මහාපරිමාණ satellite network එකක් සඳහා අතිශය දුර්ලභ සිද්ධියක් ලෙස සැලකේ.

Starlink අද කොතැනද?
Starlink මේ වනවිට උපග්‍රහ 10,000කට ආසන්න ප්‍රමාණයක් පෘථිවි කක්ෂයේ ස්ථාපිත කර ඇත. ලොව විශාලතම satellite operator සමාගම බවට SpaceX අද Starlink හරහා පත්වෙලා තිබෙන අතර  මෙම network එක හරහා:
1. පාරිභෝගික පුළුල් පරාස අන්තර්ජාලය
2. රාජ්‍ය සේවා
3. ව්‍යවසාය සම්බන්ධතාවය
4. දුරස්ථ ප්‍රදේශවල අන්තර්ජාල ප්‍රවේශය වැනි සේවාවන් ලොව පුරා ලබා දීම සිදුවේ . 

Space experts අනුව, කක්ෂය 480km දක්වා පහළ දැමීමෙන්:   
Satellite එකක දෝෂයක් ඇති වුවහොත්, natural atmospheric drag හරහා ඉක්මනින් burn වී විනාශ වීම මගින් Long-term space debris (දිර්ගකාලින අවකාශීය කසල) සකස් වීම අවම වී 
අනාගතයේ space traffic management (STM) පහසු වීම වැනි ප්‍රයෝජන රැසක් ලබා ගත හැකිය. පසුගිය වසර කිහිපය තුළ SpaceX ,Amazon (Project Kuiper), China state-backed constellations වැනි සමාගම් සහ රටවල් දහස් ගණන් satellites දියත් කිරීම නිසා, Earth orbit congestion (තදබදයන්) එකක් සම්බන්ධයෙන් ගෝලීය අවධානය ඉහළ ගොස් තිබෙනවා.

Starlink SpaceX SatelliteInternet SpaceSafety SpaceDebris LowEarthOrbit