Language: English தமிழ்

Square Enix නවතම Life is Strange ගේම් එක Leak වෙයි

Extras පැය 16 කට පෙර 2743 Views

Square Enix සමාගම විසින් ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත නව Life is Strange ගේම් එකක් පිළිබඳ තොරතුරු, යුරෝපයේ video game අන්තර්ගත ශ්‍රේණිගත කිරීම සිදු කරන PEGI (Pan European Game Information) ආයතනයේ වෙබ් අඩවිය හරහා අහම්බෙන් අනාවරණය වී තිබේ. කෙටි වේලාවක් සඳහා එම ලැයිස්තුව ප්‍රසිද්ධ වීමෙන් පසු එය ඉවත් කර තිබුණද, එහි අඩංගු තොරතුරු මේ වන විට අන්තර්ජාලයේ පැතිර ගොස් ඇත.

Max සහ Chloe නැවත එකට?

Leak වුන PEGI listing එකේ සඳහන් වන ආකාරයට, Life is Strange: Reunion ගේම් එකේ කතන්දරය Chloe Price වටා ගොඩනැගෙන අතර, ඇය Caledon University වෙත පැමිණ Max Caulfield ගෙන් උදව් ඉල්ලන බව සඳහන් වේ. එම විශ්වවිද්‍යාලය විනාශ කළ හැකි “deadly inferno” එකක් පිළිබඳ අනතුරක් මධ්‍යයේ, කතාව ඉදිරියට ගමන් කරන බවත් එහි දක්වා ඇත. මෙම කතා විස්තරය සහ “Reunion” යන නාමය අනුව, මුල් Life is Strange ගේම් එකේ ජනප්‍රිය චරිත වූ Max සහ Chloe නැවත එකම ගේම් එකක එකතු වීමක් සිදුවිය හැකි බව fansලා විශ්වාස කරති. 

PEGI listing එකට අනුව, මෙම ගේම් එක PEGI 16 rating එකක් ලබාගෙන ඇති අතර:

  • strong language
  • drug use
  • strong violence

වැනි අන්තර්ගතයන් එයට ඇතුළත් වන බව සඳහන් වේ. මෙම PEGI ලැයිස්තුව PS5 සඳහා වූ සංස්කරණය සඳහා වන අතර, Square Enix ප්‍රකාශකයා බව තහවුරු කර තිබුණද, ක්‍රීඩාව සංවර්ධනය කරන සංස්ථාව පිළිබඳ තොරතුරු සඳහන් නොවීය. එම වෙබ් පිටුවේ 2025 March 27 දින නිකුත් කිරීමට නියමිත බව සඳහන් වුවත්, එය වැරදි දිනයක් විය හැකි බවට සැකයක් පවතී. Square Enix සමාගම තවමත් නව Life is Strange ක්‍රීඩාවක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත. මෙම කතා මාලාවේ අලුත්ම නිකුතුව Life is Strange: Double Exposure වන අතර, එය 2024 ඔක්තෝබර් මාසයේදී නිකුත් විය. එහිදී Max Caulfield ප්‍රධාන චරිතය ලෙස නැවත පෙනී සිටියත්, Life is Strange 2 සහ Life is Strange: True Colours ක්‍රීඩාවල නව චරිතයන්ට අවධානය යොමු කර තිබුණි.

LifeIsStrange SquareEnix GamingNews PEGI

Comments (2)

Please login to comment

Loading comments...