Russia VPN තහනම් කිරීමෙන් බැංකු පද්ධතියට විශාල ගැටළුවක්
රුසියානු රජය විසින් Virtual Private Network (VPN) සේවාවන් අවහිර කිරීමට ගත් උත්සාහය හේතුවෙන් දේශීය ගෙවීම් සහ බැංකු පද්ධතියට විශාල තාක්ෂණික ගැටළුවක් නිර්මාණය වී ඇත. Telegram හි නිර්මාතෘවරයා වන Durov සඳහන් කළේ, මෙම VPN block කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් රට පුරා භාවිතා වන digital payment systems අක්‍රිය වූ බවයි. එය මිලියන ගණනක් ජනතාවගේ දෛනික ජීවිතයට බලපෑමක් ඇති කළ අතර පසුගිය සිකුරාදා දින, මෙම ගැටළුව හේතුවෙන් Moscow Metro තුළ ticket payment systems පවා ක්‍රියා නොකළ නිසා මඟීන්ට නොමිලේ ඇතුළු වීමට ඉඩ දීමටත් සිදු විය. තවද, Russia හි වෙළඳසැල් කිහිපයක සහ සේවා ස්ථාන card payments පිළිගත නොහැකි තත්ත්වයකට පත්වී, ගනුදෙනු ව්‍යවහාරික මුදල් (cash) වලට පමණක් සීමා කිරීමටත් සිදු විය. ඒ අතර, එක් ප්‍රාදේශීය සත්ව උද්‍යානයක් පවා සංචාරකයින්ට cash භාවිතා කරන ලෙස ඉල්ලා සිටියේය. මෙය digital infrastructure එකක විශාල ආධාරයෙන් යැපෙන ආර්ථිකයකට සිදුවූ අසාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.

Durov තම Telegram පණිවිඩයක සඳහන් කළේ, “මෙම VPN block කිරීමේ උත්සාහය අන්තිමට විශාල banking failure එකක් ඇති කරලා තියෙනවා. දැන් රුසියාව පුරා ජනතාව මේ digital restrictions වලට විරුද්ධව bypass කිරීමට උත්සාහ කරනවා” යනුවෙනි.
ඔහු තවදුරටත් කියා සිටියේ, Russia තුළ “Digital Resistance” (තාක්ෂණික ප්‍රතිරෝධයක්) එකක් නැවත මතු වෙමින් පවතින බවත්, ජනතාව තාක්ෂණික සීමා මඟහරවා ගැනීමට VPN සහ වෙනත් tools භාවිතා කරන බවත්ය. මෙම සිද්ධිය Russia රජයේ internet control සහ digital censorship policies ගැන නැවතත් විශාල කතාබහක් ඇති කර ඇත. විශේෂයෙන්, VPN සේවාවන් අවහිර කිරීමෙන් අනපේක්ෂිත ලෙස banking සහ payment systems වැනි අනෙකුත් වැදගත් සේවාවන්ට ද බලපෑම් ඇතිවිය හැකි බව මේ සිද්ධියෙන් පැහැදිලි වේ.
Comments (0)
Please login to comment