ChatGPT තුළ Ads හඳුන්වා දීමට සූදානම්

මෙතෙක් OpenAI සමාගම ප්‍රධාන වශයෙන් subscription ආදායම මත රඳා පැවති නමුත්, AI තාක්ෂණය සංවර්ධනය කිරීම සඳහා විශාල වියදම් දැරීමට සිදුවීම නිසා නව ආදායම් මාර්ග සොයා යාම අත්‍යවශ්‍ය වී ඇත. වාර්තා අනුව, OpenAI 2030 වන විට AI infrastructure සඳහා ඩොලර් ට්‍රිලියනකට වැඩි මුදලක් වැය කිරීමට සැලසුම් කරමින් සිටී. කෙසේ වෙතත්, විශ්ලේෂකයන් පවසන්නේ ads හඳුන්වා දීමෙන් OpenAIට විශාල ආදායමක් ලැබිය හැකි නමුත්, සමහර පරිශීලකයන්ට මෙය අකමැති විය හැකි බවයි. Ads අත්දැකීම හොඳ නොවන්නේ නම්, පරිශීලකයන් Google Gemini, Anthropic Claude වැනි වෙනත් AI chatbot වෙත මාරු වීමේ අවදානමක් ද පවතින බව ඔවුන් සඳහන් කරයි.
OpenAI තවදුරටත් පැහැදිලි කර ඇත්තේ, වයස අවුරුදු 18ට අඩු පරිශීලකයන්ට කිසිදු ads පෙන්වන්නේ නැති බවත්, සෞඛ්‍යය, දේශපාලනය වැනි සංවේදී මාතෘකා සම්බන්ධ ads සම්පූර්ණයෙන්ම අවහිර කරන බවත්ය. ChatGPT සතිපතා සක්‍රීය පරිශීලකයන් මිලියන 800කට අධික ප්‍රමාණයක් ඇති බව සැලකියහොත්, මෙම පියවර AI කර්මාන්තයේ ව්‍යාපාරික ආකෘතිය වෙනස් කරන වැදගත් හැරවුම් ලක්ෂයක් විය හැකි බවයි තාක්ෂණ විශේෂඥයන්ගේ අදහස වේ.
Comments (7)
Please login to comment