Microsoft Gaming ප්‍රධානී Phil Spencer විශ්‍රාම දිවියට
ලෝකප්‍රසිද්ධ තාක්ෂණ සමාගමක් වන Microsoft හි Gaming අංශයේ ප්‍රධානියා වූ Phil Spencer වසර 38ක සේවා කාලයකින් පසු විශ්‍රාම ගන්නා බව සමාගම නිවේදනය කර තිබේ. මෙම පියවර සමඟ Microsoft තුළ විශාල නායකත්ව වෙනසක් සිදුවන බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි. Spencer මෙම ගිම්හාන සමය අවසන් වන තෙක් උපදේශකවරයෙකු ලෙස කටයුතු කරමින් නව නායකත්වයට සුරක්ෂිත හුවමාරුවක් සිදු කිරීමට සහාය දෙන බව Microsoft ප්‍රකාශ කළේය. Microsoft Gaming අංශයේ නව Executive Vice President සහ CEO ලෙස Asha Sharma පත් කර ඇත. ඇය පසුගිය කාලය තුළ Microsoft හි AI models සහ services සඳහා product development නායකත්වය ලබා දුන් අභ්‍යන්තර නායකවරියකි. ඇය Xbox console පද්ධතියේ මූලික පාරිභෝගිකයන් සහ core gaming community වෙත නැවත අවධානය යොමු කරන බව ප්‍රකාශ කර ඇත.

මෙම නායකත්ව වෙනස සිදුවන්නේ Microsoft Gaming අංශය සංකීර්ණ තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවකයි. Xbox hardware මිල ඉහළ දැමීම්, tariff හේතුවෙන් වියදම් වැඩිවීම, Sony PlayStation සමඟ දැඩි තරඟය සහ පාරිභෝගික වියදම් අස්ථාවර වීම මෙයට හේතු වී ඇත. පසුගිය දෙසැම්බර් ත්‍රයිමාසිකයේදී gaming revenue 9.5% කින් පහළ ගොස් ඇති බව Microsoft වාර්තා කර තිබුණි. 2023දී Microsoft විසින් Activision Blizzard සමාගම ඩොලර් බිලියන 69කට අත්පත් කරගැනීමත් සමඟ gaming වෙළඳපොළේ බලය වැඩි කළද, console market share සහ exclusive titles සම්බන්ධයෙන් Sony සමඟ තරඟය තවමත් දැඩිව පවතී. මෙම leadership reshuffle තුළ Xbox President සහ COO වූ Sarah Bond සමාගමෙන් ඉවත්වන බවත්, Matt Booty Executive Vice President සහ Chief Content Officer ලෙස උසස් කර ඇති බවත් Microsoft නිවේදනය කර ඇත. Booty මීට පෙර game content සහ studios අංශයේ නායකත්වය ලබා දුන්නා.

විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ gaming කර්මාන්තය AI මත වැඩි වශයෙන් පදනම් වීමට යන මෙම කාලසීමාවේ, නව පරම්පරාවක නායකත්වයක් අවශ්‍ය බවයි. AI game development, procedural content creation සහ cloud-based gaming සේවාවන් වර්ධනය වීමත් සමඟ Microsoft Gaming අංශයට නව මාර්ගෝපදේශයක් අවශ්‍ය බව ඔවුන් පවසති. Phil Spencer යටතේ Xbox ecosystem එක විශාල වර්ධනයක් ලැබූ අතර, Game Pass subscription සේවාව වර්ධනය කරමින් cloud gaming සහ cross-platform strategy වැනි නව ප්‍රවණතා හඳුන්වා දී තිබුණි. දැන් එම උරුමය ඉදිරියට ගෙන යාම Asha Sharma වෙත පැවරී ඇත.
Comments (2)
Please login to comment