සති දෙකකින් එන iPhone Duo
iPhone Duo නැතිනම් අලුත්ම Foldable iPhone එක release වීමට ඇත්තේ තවත් සති දෙකකි (ඔක්තෝම්බර් 23). සැප්තැම්බර් 9 පවතී iPhone 18 Pro keynote හිදී පළමු වරට announce වුන iPhone Duo, Apple සමාගමේ පලවෙනි foldable smart phone එක ලෙස හැඳින්විය හැක.

Passport හැඩයක් ගන්නා iPhone Duo, බොහොමයක් දුරට Samsung Galaxy Z Fold 8 එකෙහි හැඩරුව ගනී. අඟල් 5.4 ක තිරයක් (screen එකක්) බලාගැනීමට හැකි වන අතර, unfold කිරීමෙන් අඟල් 7.6 ක විශාල තිරයක් දක්වා ගෙනයාමට හැකිවේ. මෙහි විශේෂත්වය apple pencil support එක තිබීමයි. මේ නිසා බොහොමයක් දුරට iPad එකක experience එකක් ලබාගැනීමට හැකිවේ.
Apple Ceramic sheild 2 හරහා තිරය ආරක්ෂා වන අතර අනෙක් glass කොටස් ceramic shield 1 හරහා ආරක්ෂා වේ. මේ නිසා වඩාත් හොඳ durability එකක් බලාපොරොත්තු විය හැකි වේ. එලෙසම samsung ආයතනය දැනට භාවිත කරන hinge එක සහ ඒ ආශ්‍රිත තාක්ෂනය එලෙසම දැකගනු හැකිවේ. මිට අමතරව, iPhone Duo යනු, ඇපල් ආයතනය මෙතෙක් සකස් කල සිහින්ම smart phone එකයි.
Under Display selfy camera එකක් බලාගැනීමට හැකිවීම විශේෂත්වයකි. මේ නිසා inner display එක තුල කිසිම notch එකක් හෝ cutout එකක් දැකගැනීමට නොහැකි වේ. එලෙසම කැමරාව සමග ඇති කුඩා තිරය නිසා, පසුපස කැමරාව selfy camera එකක් ලෙස භාවිත කිරීමටද හැකිවේ.

iPhone Duo, අනෙක් foldable වලින් වෙනස් වන ප්‍රධාන හේතුව නම්, මෙහි ඇති software අත්දැකීමයි. Enhanced iOS experience එකක් iPhone Duo තුල දැකගත හැකි අතර මේ නිසා සාමාන්‍ය iOS වලට වඩා වෙනස් ස්වරුපයක් ගනී. $1999 සිට මිලදී ගත හැකි අතර Star White සහ Night Sky යන වර්ණයන්ගෙන් මිලදී ගත හැක. Launch එකත් සමග ශ්‍රී ලංකාවේ මිල දල වශයෙන් රු.900,000 ආසන්න වනු ඇති අතර ටික කලකට පසු, ලක්ෂ 8 ට ආසන්නයෙන් මිලදී ගැනීමට හැකිවේ.
Comments (2)
Join the conversation — share what you think about this post.
Login to comment