GTA 6 Pre-Orders ජූනි 25 සිට
ලොව පුරා පරිගණක ක්‍රීඩකයින් බලාසිටිමින් සිටින Grand Theft Auto VI (GTA 6) ක්‍රීඩාව සඳහා පෙර-ඇණවුම් (Pre-Orders) නිල වශයෙන් 2026 ජූනි 25 වනදා ආරම්භ වන බව Rockstar Games සමාගම නිවේදනය කර තිබේ. මෙම නිවේදනයත් සමඟම GTA 6 නිකුතුව තවත් ප්‍රමාද වීමේ අවදානම දැන් ඉතා අඩු මට්ටමකට පැමිණ ඇති බව ක්‍රීඩා විශ්ලේෂකයින් පෙන්වා දෙයි. Rockstar Games විසින් GTA 6 නිල වෙබ් අඩවියට නව කෙටි වීඩියෝවක් එක් කර ඇති අතර, එහිදී ක්‍රීඩාවේ විශාල නගර දර්ශනයක් සහ නිල Cover Art නිර්මාණය ප්‍රථම වරට ප්‍රදර්ශනය කර ඇත. කෙසේ වෙතත්, එම දර්ශනයේ දිස්වන Ferris Wheel, ජලයේ පරාවර්තනයක් (Reflection) නොපෙනීම සම්බන්ධයෙන් රසිකයන් අතර විවිධ කතාබහක්ද ඇතිව තිබේ.

GTA 6 මුල් නිකුතුව සඳහා තහවුරු කර ඇති වේදිකා (Platforms) වන්නේ PlayStation 5 (PS5), Xbox Series X සහ Xbox Series S ය. මේ වන විට PC හෝ Nintendo Switch 2 සංස්කරණ සම්බන්ධයෙන් Rockstar Games විසින් කිසිදු නිල තොරතුරක් නිකුත් කර නොමැත. එමෙන්ම GTA 6 නිල වෙබ් අඩවිය හරහා නව Cover Art එක 4K, 5K Ultrawide සහ ජංගම දුරකථන සඳහා සුදුසු Wallpaper ආකෘතිවලින් බාගත කිරීමේ හැකියාවද ලබාදී තිබේ. GTA 6 පෙර-ඇණවුම් ජූනි 25 වනදා ආරම්භ වන අතර, ලොව පුරා සිටින GTA රසිකයන් දැනටමත් එම දිනය බලාපොරොත්තුවෙන් සිටිති.

Comments (3)
Please login to comment