GoPro Mission 1 Pro Cinematic Action කැමරාව කරලියට
GoPro සමාගම තම නව flagship action camera එක වන GoPro Mission 1 Pro නිල වශයෙන් හඳුන්වා දී තිබේ. 8K 60fps video recording, 1-inch sensor එකක් සහ improved low-light performance සමඟ මෙම කැමරාව action camera market එකේ නව ප්‍රමිතියක් බවට පත්විය හැකි බව තාක්ෂණික විශ්ලේෂකයන් පවසයි. Mission 1 Pro හි ප්‍රධානම විශේෂත්වය වන්නේ එහි ඇති 50MP resolution සහිත 1-inch sensor එකයි. මෙය DJI Osmo Action 6 සහ GoPro Hero 13 වැනි තරඟකරුවන්ට වඩා විශාල sensor එකක් වන අතර, වැඩි ආලෝක ප්‍රමාණයක් capture කිරීම නිසා video quality සහ dynamic range සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. GoPro පවසන්නේ මෙම camera එකට 8K 60fps recording, 4K 240fps slow motion සහ 1080p 960fps super slow-motion video capture කිරීමේ හැකියාව ඇති බවයි. විශේෂයෙන් TikTok, Instagram Reels සහ YouTube Shorts වැනි vertical platforms සඳහා footage crop කිරීමේදීද quality එක අඩු නොවීම මෙහි වාසියක් ලෙස සැලකේ.

Design එක සැලකීමේදී, Mission 1 Pro, Hero 13 ට වඩා ටිකක් විශාල සහ බර වැඩි device එකක් වුවද, GoPro නව mounting system එකක් සහ improve කරන ලද controls එකතු කර ඇත. එමෙන්ම 1.4-inch front display සහ 2.59-inch rear OLED screen එකක්ද මෙයට ඇතුළත් වේ. Battery performance ද GoPro සඳහා විශාල ඉදිරි පිම්මක් බව සඳහන් වේ. නව Enduro 2 battery එක සමඟ 4K recording වලදී පැය 3කට අධික battery life ලබා දෙන අතර, 8K 60fps recording වලදීද පැයකට වැඩි continuous shooting ලබා ගැනීමට හැකි බව පෙන්වා දෙයි. Video stabilization පැත්තෙන්ද GoProගේ HyperSmooth technology එක තවදුරටත් action camera market එකේ හොඳම stabilization system එකක් ලෙස සැලකේ. Mountain biking, skiing සහ motocross වැනි extreme sports වලදී gimbal-like smooth footage ලබා දීමට එය සමත් වී ඇත. Audio quality ද මේ වතාවේ වැඩි දියුණු කර ඇති අතර, microphones 4ක් සමඟ 32-bit float audio recording support කිරීම creatorsලාට වඩා professional sound capture කිරීමේ හැකියාව ලබා දෙයි. Bluetooth microphones සහ USB-C wired microphones support කිරීමද මෙයට ඇතුළත්ය. කෙසේ වෙතත් Mission 1 Pro හි මිල ඉහළ යාම පිළිබඳවද අදහස් පළවෙයි. මෙම camera එක ඩොලර් 699ක ආරම්භක මිලකට පැමිණෙන අතර, internal storage නොමැතිව microSD cards මත පමණක් රඳා පවතින බව විවේචනයට ලක්වී ඇත.

විචාරකයින් පවසන්නේ GoPro Mission 1 Pro, video creators සහ action filmmakers සඳහා මේ වනවිට තිබෙන හොඳම action camera එකක් විය හැකි බවයි. විශේෂයෙන් cinematic action footage, low-light recording සහ professional-level stabilization අවශ්‍ය creatorsලාට මෙය premium upgrade එකක් ලෙස සැලකේ.
Comments (2)
Please login to comment