Google හි නවතම Smart Speaker එක - Google Home Speaker
Google සමාගම තම නව Google Home Speaker උපාංගය හඳුන්වාදීමත් සමඟ, Gemini AI අත්දැකීම smart home පරිසරයට ගෙන ඒමට ඇති පහසුම සහ සාපේක්ෂව අඩු මිල option එකක් දැන් පාරිභෝගිකයින්ට ලැබී තිබේ. මෙය Google හි දීර්ඝ කාලයක් ජනප්‍රියව පැවති Nest Mini speaker එකට නව පරම්පරාවක ආදේශකයක් ලෙස හඳුන්වා දිය හැකි වුවත්, එය සැබවින්ම upgrade එකක්ද යන්න පිළිබඳව දැන් වැඩි අවධානයක් යොමුවී තිබේ.
Design පැත්තෙන් බැලූ විට, Google Home Speaker එක Nest Mini එකේ හුරුපුරුදු fabric finish එක සහ minimal look එක තවදුරටත් රඳවාගෙන තිබේ. නමුත් එය Nest Mini එකට වඩා උසින් සහ ප්‍රමාණයෙන් ටිකක් විශාල බැවින්, බිත්තියකට එල්ලා තැබිය හැකි speaker එකකට වඩා shelf එකක් හෝ kitchen counter එකක් මත තැබිය යුතු smart speaker එකක් ලෙස පෙනේ. මෙහි තවත් කැපී පෙනෙන අංගයක් වන්නේ, Gemini සමඟ කතාබහ කරන විට base එක වටා දිලිසෙන LED light ring එකයි. Google හි signature වර්ණ භාවිතා කරන මෙම lighting system එක, device එකට modern සහ premium හැඟීමක් එක්කරයි.

Performance පැත්තෙන්, Google Home Speaker එක Nest Mini එකට වඩා පැහැදිලි වාසියක් ලබාගෙන තිබේ. Nest Mini එකටත් Gemini සහ Google Assistant අත්දැකීම ලබාදිය හැකි වුවත්, නව Google Home Speaker එකේ තිබෙන upgraded on-device machine learning hardware නිසා commands process කිරීම, smart home controls ක්‍රියාත්මක කිරීම සහ Gemini responses ලබාදීම වඩා වේගවත් සහ සුමට වේ. විශේෂයෙන් lights off කිරීම වැනි සාමාන්‍ය smart home commands වලදී හෝ සංකීර්ණ voice queries වලදී, Nest Mini එකේ සමහරවිට දැනෙන delay එක මෙහි බොහෝ දුරට අඩුවී තිබෙන බව සඳහන් වේ. ඒ වගේම මෙම speaker එක Matter සහ Thread border router එකක් ලෙසද ක්‍රියා කරන නිසා, smart bulbs, locks සහ sensors වැනි devices අතර සම්බන්ධතාවය වඩාත් හොඳින් පවත්වා ගැනීමටද උපකාරී වේ.
කෙසේ වෙතත්, sound quality අතින් Google Home Speaker එක Nest Mini එකට වඩා ඉතා විශාල ඉදිරි පියවරක් ගෙන තිබේද යන්න සම්බන්ධයෙන් මිශ්‍ර අදහස් පවතී. Bass response එක වැඩි කිරීමට Google උත්සාහ කර තිබුණත්, සමහර අවස්ථාවලදී audio output එක muddy සහ tube-like sound character එකක් දක්වන බව review එකේ සඳහන් වේ. Nest Mini එක highs පැත්තෙන් තවමත් පැහැදිලිව perform කරන අතර, නව speaker එකෙන් ලැබෙන audio tuning එක හැමෝටම කැමති වේවිද යන්න තවමත් ප්‍රශ්නයකි. ඒ නිසා ඔබ upgrade කරන්න බලාපොරොත්තු වන්නේ music listening quality වෙනුවෙන් පමණක් නම්, තවත් speakers සලකා බැලීම සුදුසු විය හැකිය.

සමස්තයක් ලෙස බැලූ විට, Google Home Speaker එක Nest Mini එකට වඩා හොඳ smart home experience එකක්, වේගවත් Gemini integration එකක් සහ future-ready connectivity එකක් ලබාදෙන upgrade එකක් ලෙස සැලකිය හැකිය. නමුත් sound quality එක පමණක් අරමුණු කරගෙන upgrade කිරීමට බලාපොරොත්තු වන පරිශීලකයින්ට, එය අනිවාර්යයෙන්ම “must-buy” upgrade එකක් ලෙස හැඳින්වීම තවමත් ටිකක් අමාරු තත්වයක පවතී. Jade (ලා කොළ), Berry (රතු), Porcelain (සුදු) සහ Hazel (තද අළු) ලෙස. වර්ණ 4 කින් පැමිණෙන මෙහි මිල ඇමෙරිකානු ඩොලර් 99 කි.

Comments (2)
Please login to comment