Elon ගේ xAI සිදු කල ඩොලර් බි.20 ක Data Center ආයෝජනය
ඉලොන් මස්ක්ගේ xAI ආයතනය, Southaven, Mississipp නගරයේ දත්ත මධ්‍යස්ථානයක් ඉදිකිරීමට බිලියන 20කට වැඩි ඩොලර් මුදලක් ආයෝජනය කිරීමට නියමිත බව මිසිසිපි රාජ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපක Tate Reeves මහතා බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය. Generative AI තාක්ෂණයේ වේගවත් වර්ධනයක් මඟින් වැඩි ගණනය කිරීමේ බලය (Processing Power) අවශ්‍යතාවය වැඩිවීම නිසා මෙම ආයෝජනය සිදු වීමට නියමිතයි. ගත වූ වසරේදී විශාල තාක්ෂණික සමාගම් සහ AI hyperscalers දත්ත මධ්‍යස්ථාන සඳහා බිලියන ගණනක මුදල් වැය කිරීමට සැලසුම් කරමින් පියවර ගත් අතර, xAI හි නවතම පුළුල් කිරීම, OpenAI ආයතනයේ ChatGPT සහ Anthropic හි Claude වැන්නන් සමඟ තරග කිරීමට අරමුණු කරගෙන ඉතා උසස් AI ආකෘති පුහුණු කිරීමේ වැඩසටහනක් ලෙස සැලකිය හැකිය. මෙම දත්ත මධ්‍යස්ථානය 2026 පෙබරවාරි මාසයේ සිට Southaven ක්‍රියාත්මක වීමට බලාපොරොත්තු වන බව සඳහන් වේ.

Elon Musk 2025 දෙසැම්බර් 30 වන දින “MACROHARDRR” නම් මෙම දත්ත මධ්‍යස්ථානය මිලදී ගත් බව ප්‍රකාශ කළ අතර, එය xAI හි Processing බලය 2GW දක්වා ඉහළ දැමීමට උපකාරී වන බවත්, එහි ආයෝජන විස්තර හෝ ස්ථානය සඳහන් නොකළ බව ද පැවසීය. මෙම දත්ත මධ්‍යස්ථානය, xAI විසින් නවතම ලෙස මිලදී ගත් විදුලි බලාගාර වලට සමීපව සහ Tennessee පිහිටි Memphis නගරයේ දත්ත මධ්‍යස්ථානයට ආසන්නව පිහිටා ඇත. Memphis නගරය තුළ පිහිටි xAI සමාගමට අයත් “Colossus” නම් super computer cluster එක, ලෝකයේ විශාලතම AI super computer cluster එකක් ලෙස xAI විසින් නිල වශයෙන් හඳුන්වා දී ඇත. Bloomberg වාර්තාවක් අනුව, xAI සමාගම වසරේ මුල් නව මස තුළ මුදල් 7.8 බිලියනක් පිරිවැය කර ඇති අතර, AI ක්ෂේත්‍රයේ ආරම්භක සමාගම් සාමාන්‍යයෙන් ඉතා විශාල මුදල් පිරිවැය කරන අතර, ඉහළ තත්ත්වයේ දත්ත මධ්‍යස්ථාන උපකරණ මිලදී ගැනීමට බිලියන ගණනක් වැය කරනු ලබයි.
Comments (9)
Please login to comment