Reload
Language: English தமிழ்

Chip සඳහා ඇමරිකානු තායිවාන ගිවිසුමක්

Tech News දින 5 කට පෙර 18848 Views

Taiwan රජය, ඇමරිකා එක්සත් ජනපදය සමඟ එක්ව “democratic high-tech supply chain” එකක් ගොඩනගා ගැනීමට සහ කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්‍රයේ ශක්තිමත් strategic partnership එකක් ස්ථාපිත කිරීමට සැලසුම් කරමින් සිටී. මෙම පියවර ගනු ලබන්නේ පසුගිය සතියේ Washington සමඟ එකඟ වූ නව tariffs ගිවිසුමට අනුවයි. Taiwan හි ප්‍රධාන වෙළඳ සාකච්ඡා නියෝජිතයින් පවසන්නේ, මෙම ගිවිසුම මඟින් Taiwan–US තාක්ෂණික සම්බන්ධතාවය නව අදියරකට ගෙන යාම තම අරමුණ බවයි. විශේෂයෙන් AI සඳහා අවශ්‍ය semi-conductor chips නිෂ්පාදනයේදී Taiwan හි ප්‍රමුඛ භූමිකාව තවදුරටත් ශක්තිමත් කරගැනීමට මෙම ගිවිසුම ඉතා වැදගත් ලෙස සැලකේ. ඇමරිකානු ජනාධිපති Donald Trump විසින් Taiwan වැනි semiconductor ප්‍රමුඛ රටවල් ඇමරිකාවේ chip manufacturing වැඩි කරන ලෙස දිගින් දිගටම ඉල්ලීම් කර ඇති අතර, AI සඳහා බලගැන්වීම කරන chips සඳහා US තුළ ආයෝජන වැඩි කිරීම මේ මඟින් බලාපොරොත්තු වේ. මෙම නව ගිවිසුම යටතේ, TSMC වැනි Taiwan chipmakers ඇමරිකාවේ නිෂ්පාදන කාර්යයන් පුළුල් කළහොත්, semi-conductor හා ඒවාට සම්බන්ධ උපකරණ US වෙත ආනයනය කිරීමේදී අඩු tariffs හෝ කිසිදු tariffs නොමැති වාසි ලබා ගත හැකි වේ. එමෙන්ම, බොහෝ Taiwan අපනයන සඳහා පැවති 20% broad tariff එක 15% දක්වා අඩු කිරීමටද එකඟතාවය ලබා ඇත.

Taiwan සමාගම් ඇමරිකාවේ semi-conductor, energy සහ AI ක්ෂේත්‍රයන් සඳහා ඩොලර් බිලියන 250ක් ආයෝජනය කිරීමටද, එයට අමතරව තවත් ඩොලර් බිලියන 250ක credit guarantees ලබා දීමටද එකඟ වී තිබේ. මෙය US තුළ high-tech manufacturing වේගවත් කිරීමට විශාල බලපෑමක් ඇති කරනු ඇත. Taiwan උප අගමැති Cheng Li-chiun පවසන්නේ, මෙම ගිවිසුම Taiwan හි chip industry “හිස් කිරීමක්” නොවන බවයි. Taiwan ආර්ථිකයට ඉතා වැදගත් semiconductor ක්ෂේත්‍රය “රට ආරක්ෂා කරන sacred mountain” ලෙස හඳුන්වමින්, ඇය කියා සිටියේ මෙය Taiwan හි තාක්ෂණික ශක්තිය විදේශයන්ට පුළුල් කිරීමක් බවයි. ඇය වැඩිදුරටත් පැවසුවේ, chipmakers US තුළ නිෂ්පාදන වැඩි කළහොත්, නව capacity එකට වඩා 2.5 ගුණයක් දක්වා chips සහ wafers tariffs නොමැතිව ආනයනය කිරීමට අවසර ලැබෙන බවයි. එමෙන්ම, US විසින් සිදු කරමින් පවතින Section 232 national security investigation යටතේද Taiwan සඳහා වඩාත් වාසිදායක සැලකිල්ලක් ලබා ගැනීමට මෙම ගිවිසුම මඟින් මාර්ගය විවර වී ඇති බවත් සඳහන් කළාය. Taiwan–US මෙම නව high-tech සහ AI ගිවිසුම, ලෝක semi-conductor supply chain එක තුළ “democratic values” මත පදනම් වූ නව බලවේගයක් ගොඩනගා ගැනීමට ගත් වැදගත් පියවරක් ලෙස විශ්ලේෂකයන් පෙන්වා දෙයි ..

Taiwan United States Semiconductor Industry

Comments (5)

Please login to comment

Loading comments...