Crypto අලාභ සම්බන්ධයෙන් Binance වෙත නඩු පැවරිය නොහැක ?
ලෝකයේ විශාලතම cryptocurrency හුවමාරු වේදිකාවක් වන Binance සමාගමට එරෙහිව ගනුදෙනුකරුවන් ගොනු කර ඇති crypto අලාභ නඩු arbitration (දෙපාර්ශවයක එකඟතාවය මත තෙවන පාර්ශවයක් (බේරුම්කරුවෙකු) හරහා ව්‍යාපාරික හෝ සිවිල් ආරවුල් නිරාකරණය කරගැනීම) ක්‍රියාවලියකට යොමු කළ නොහැකි බව ඇමරිකානු ෆෙඩරල් අධිකරණයක් තීරණය කර තිබේ.
New York හි Manhattan ප්‍රදේශයේ U.S. District Judge Andrew Carter විසින් ලබාදුන් මෙම තීන්දුව අනුව, 2019 පෙබරවාරි 20ට පෙර සිදු වූ ගනුදෙනු සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන්ට අධිකරණය හරහා නඩු පවරා ඉදිරියට යා හැකි බව සඳහන් විය. Binance සමාගම 2019 දී තම terms of use යාවත්කාලීන කර arbitration කොන්දේසියක් සහ class action නඩු ගොනු කිරීමේ අයිතිය ඉවත් කිරීමක් ඇතුළත් කළ බව කියා සිටියේය. කෙසේ වෙතත්, අධිකරණය පවසන්නේ එම arbitration provision පිළිබඳව පාරිභෝගිකයන්ට ප්‍රමාණවත් ලෙස දැනුම් දී නොමැති බවයි.

එමෙන්ම class-action waiver කොන්දේසියද පැහැදිලි නොවන අතර නීතිමය වශයෙන් බල නොපාන බවත් තීන්දුවේ සඳහන් විය. මෙම නඩුව ගොනු කළ පාරිභෝගිකයන් පවසන්නේ Binance විසින් ELF, EOS, FUN, ICX, OMG, QSP සහ TRX යන token 7ක් නීතිමය වශයෙන් ලියාපදිංචි නොකළ securities ලෙස විකිණූ බවත්, එම token මිල අඩුවීමෙන් ඔවුන්ට දැඩි අලාභ සිදු වූ බවත්ය. ඔවුන්ගේ චෝදනාව වන්නේ මෙම ගනුදෙනු “significant risks” සමඟ සිදු වන බව federal සහ state securities නීති අනුව පැහැදිලිව අනතුරු අඟවා නොතිබූ බවයි. Binance ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ, “මෙම නඩුවේ ඉතිරිව ඇති සීමිත චෝදනා අපි දැඩිව ප්‍රතික්ෂේප කරමින් නීතිමයව ආරක්ෂා කරගන්නා බවයි.” Binance ආරම්භකයෙකු වන Changpeng Zhao ද මෙම නඩුවේ ප්‍රතිවාදියෙකු ලෙස නම් කර ඇත.මෙම තීන්දුව crypto exchange සමාගම් සඳහා වැදගත් පූර්ව නිදසුනක් විය හැකි අතර, customer disputes arbitration මඟින් පෞද්ගලිකව විසඳීමට උත්සාහ කරන සමාගම් සඳහා නීතිමය සීමා පැහැදිලි කරයි.
Comments (0)
Please login to comment