Amazon ලගේ අලුත්ම Alexa Plus +
Amazon සමාගම තම voice assistant වන Alexa සඳහා විශාල පරිවර්තනයක් සිදු කරමින් සිටින බව CES 2026 ප්‍රදර්ශනයේදී සඳහන් කරන ලදී. ChatGPT සහ Google Gemini වැනි AI chatbot වලින් ඇති වූ දැඩි තරඟයට ප්‍රතිචාරයක් ලෙස, Amazon දැන් “Alexa+” නමින් වඩාත් පුද්ගලික, සංවාදාත්මක සහ මතකය භාවිතා කරන AI සහයකයෙක් හඳුන්වා දී ඇත. Amazon Devices & Services ප්‍රධානී Panos Panay පවසන පරිදි, නව Alexa+ හි මූලික අදහස වනුයේ “Alexa ඔබව දැනගැනීම පමණක් නොව, ඔබ ගැන මතක තබා ගැනීම”. එනම්, ඔබ කලින් කළ ඉල්ලීම්, ඔබගේ කැමති දේවල්, පවුලේ සාමාජිකයන්ගේ පුරුදු වැනි දේ මතක තබාගෙන, ඊළඟ වතාවට වඩාත් හොඳ සහ ප්‍රයෝජනවත් පිළිතුරු ලබා දීමය.

උදාහරණයක් ලෙස, Panay පවසන්නේ, තමන්ගේ බල්ලාට harness එකක් (පළඳින පටියක්) ගැන Alexaට කියූ විට, ටික වෙලාවකට පසු Echo Show උපාංගයේ ඒකට ගැළපෙන products list එකක් සූදානම්ව තිබිණි. තවත් අවස්ථාවක, පවුලේ අයත් එක්ක restaurant එකක් තෝරාගැනීමට බැරි වෙලාවක, කලින් ගිය ස්ථාන, කැමති ආහාර වර්ග සහ reservation දක්වා Alexa විසින් යෝජනා කළා කියලා ඔහු පැහැදිලි කළ ඇත.
ChatGPT සහ Gemini ද memory සහ context භාවිතා කරන බව ඇත්ත නමුත් Amazon පවසන්නේ Alexa+ එකේ විශේෂත්වය වන්නේ, එය real-world actions (shopping, reservations, smart home controls) සෘජුවම Amazon ecosystem එක තුළ ක්‍රියාත්මක කර දෙන එක බවයි. ඒ නිසා Alexa+ එක Chatbot එකක් විතරක් නොව, “daily life assistant” එකක් බවට පත් කරන්න Amazon බලාපොරොත්තු වෙයි. Amazon දැනටමත් Alexa.com නමින් web interface එකක් හඳුන්වා දී ඇත. මෙය ChatGPT web version එකට සමාන අතර User කෙනෙක් web එකෙන් Alexa+ සමඟ chat කර , එම conversation එක Echo device, mobile app හෝ වෙනත් Amazon device එකක continue කිරීමට හැකියාව ලැබෙනු ඇත.

තවත් වැදගත් කරුණක් වන්නේ Alexa+ හරහා user engagement එක ඉහළ යාමයි. Amazon කියන පරිදි, නව Alexa+ භාවිතා කරන userලා, පැරණි Alexaට වඩා දෙගුණයක් වැඩි සංවාද (conversations) කර කර ඇති බවයි. එයින් පෙනෙන්නේ usersලා Alexa+ එක “වඩා සජීවී” සහ “pleasant” experience එකක් ලෙස දකින්න පටන් අරගෙන තියෙන බවයි. ඉදිරියට, Amazon Alexa ගෙදරට පමණක් සීමා නොකර, smart glasses (Echo Frames), wearable devices (Bee wristband වැනි) සහ web usage හරහා ද පුළුල් කිරීමට සැලසුම් කර ඇත. Bee wristband එකෙන් conversation summaries, reminders සහ daily to-do lists generate කරන හැකියාව Alexa සමඟ එක් කිරීමට Amazon සූදානම් වෙමින් ඇත.

එහෙත් පෞද්ගලිකත්වය (privacy) සම්බන්ධයෙන් Amazon සමාගම අවධානය අහිමි කරගෙන නොමැති බවද ඔවුන් පැහැදිලි කරයි. Amazon Devices & Services අංශයේ ප්‍රධානී වන Panos Panay පවසන පරිදි, පරිශීලකයන්ට තම voice recordings සහ text transcripts කොපමණ කාලයක් සුරකින්නද, නැතහොත් ඒවා මකා දැමිය යුතුද යන්න සම්පූර්ණයෙන්ම තමන් විසින් පාලනය කළ හැකි වේ. මෙම සැකසුම් වෙනස් කිරීමේ නිදහස ලබා දීම මගින්, Alexa+ වැනි AI සේවාවන් භාවිතා කරන අතරම පෞද්ගලික දත්ත ආරක්ෂාව රැක ගැනීමට Amazon උත්සාහ කරමින් සිටින බව ඔහු සඳහන් කළේය. Amazon සමාගමේ අදහස අනුව, product එක ප්‍රයෝජනවත් නම්, usersලා privacy concerns ගැනත් තමන්ගේ perspective එක වෙනස් කරගන්නා බවයි.
Amazonගේ Alexa+ යෝජනාව කියන්නේ ChatGPTට සෘජුවම copy කිරීමක් නොව, Amazon ecosystem එක තුළ AI assistant එකක් “මතකය + ක්‍රියාව” එකට එකතු කරලා, නැවත AI තරඟයේ ඉදිරියට යාමට ගන්නා දැඩි උත්සාහයක් ලෙසයි. කෙසේ වෙතත් දැනටමත් විදෙස් රටවල් හි දැවැන්ත eco-system එකක් සකස් කරමින් සිටින amazon වැනි දැවැන්ත සමාගමක් තුලින් බිහිවන ප්‍රබල AI එකක් තුලින් ජන ජිවිතයට විශාල බලපෑමක් ඇති කල හැකි බව විචාරක මතයයි.
Comments (7)
Please login to comment