Home Tech Videos Programming Aviation

Nvidia සමාගම ට්‍රිලියන 5 පසුකරයි

Tech News දින 16 කට පෙර 44572 Views

ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 5 ක සීමාව පසු කරමින් ,  ලොව ප්‍රථම 5 ට්‍රිලියන සමාගම බවට Nvidia සමාගම පත්වන ලදී . Graphic chips නිපදවන ආයතනයක් ලෙස කරලියට ආ Nvidia සමාගම , AI හි දැවැන්තයෙක් ලෙස මෙම සීමාවට ලඟා වීමට හැකියාව ලැබී ඇත . 

Nvidia සමාගම 2023 ජුනි මස ට්‍රිලියනය සීමාව පසු කල අතර ට්‍රිලියන 4 සීමාවට ඔවුන් මින් මාස 3 කට පෙර ලඟා විය . මෙම අගය කොතෙක් විශාලද යත් ,  ඇමෙරිකාව සහ චීනය හැරුනුකොට ලෝකයේ සියලුම රටවල් හි දල දේශීය නිෂ්පාදනය ට වඩා වැඩි වටිනාකමක්, Nvidia සමාගම උසුලයි . 

Microsoft සහ Apple සමාගම් ද, මෑතකදී ට්‍රිලියන 4 සීමාව පසු කිරීම කැපී පෙනෙන සිදුවීමක් වේ . 

nvidia business ai