Language: English தமிழ்

Google Pixel 9 Series සඳහා AirDrop සහය Quick Share තුළ

Tech News පැය 23 කට පෙර 1702 Views

Google සමාගම, 2025 නොවැම්බර් මාසයේදී Quick Share සහ AirDrop භාවිතයෙන් Android සහ iPhone අතර ආරක්ෂිතව හා wireless ව files හුවමාරු කළ හැකි බව ප්‍රකාශ කළේය. එය මේ වන විට Pixel 10 models වලට පමණක් සීමා වී ඇත. නමුත් නව වාර්තාවක් අනුව, මෙම විශේෂාංගය Pixel 9 ශ්‍රේණියටද ඉදිරියේදී ලබාදීමට සැලසුම් කර ඇත. නවතම Android Canary build (ZP11.251212.007) විමර්ශනය කිරීමෙන් පසු, Quick Share හරහා iPhone සිට Pixel 9 දුරකථන වෙත ගොනු යැවීමට අවශ්‍ය නව පද්ධති ගොනු Google විසින් එකතු කර ඇති බව හෙළි විය. මෙම ගොනු පෙර Pixel 9 firmware වල නොතිබුණි. නමුත් Pixel 9a මොඩලය මෙම විශේෂාංගය ලබා නොගන්නා බවටද වාර්තා ඇත. මෙම නව AirDrop සහය Quick Share සඳහා අවශ්‍ය පද්ධති ගොනු පමණක් Pixel 9 ශ්‍රේණියේ තිබෙන අතර, Pixel 8 සහ Pixel 8 Pro මෙන් පරණ උපාංග වල නොමැති බවද  සඳහන් වේ.

Google සමාගම සඳහන් කළේ, මෙම පහසුකම මුලින්ම නොවැම්බර් මාසයේදී Pixel 10 ශ්‍රේණියට සීමා කර හඳුන්වා දුන් අතර, ඉදිරියේදී එය වැඩි Android උපාංග වෙත විහිදුවීමට නියමිත බවයි. නියමිත කාලසීමාවක් එහි සඳහන් නොවුණත්, Pixel 9 සඳහා මේ විශේෂාංගය ඉක්මනින් හඳුන්වා දීමට නියමිත බව පෙනේ. Quick Share හි Everyone for 10 minutes ලෙස හැඳින්වෙන AirDrop ක්‍රමවේදය භාවිතා කරමින්, Android සහ iPhone අතර ගොනු හුවමාරු කිරීම සිදු කෙරේ. මෙය iPadOS සහ macOS උපාංග සඳහාද ක්‍රියාත්මක වේ. Google සමාගම පැහැදිලි කළේ, මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම peer-to-peer සම්බන්ධතාවයක් මත ක්‍රියාත්මක වන අතර, කිසිදු මැදිහත් සේවාදායකයක් හරහා දත්ත හුවමාරු නොවන බවයි. එමඟින් හුවමාරු වන ගොනු කිසිදු සේවාදායකයක සටහන් නොවන අතර, පරිශීලක දත්ත ආරක්ෂාව ඉහළ මට්ටමින් පවත්වා ගන්නා බවත් Google සඳහන් කළේය. එසේම මේ සඳහා apple ආයතනයේ මැදිහත් වීමක් සිදු නොවන අතර මෙය හුදෙක්ම google ආයතනය විසින් android හරහා apple භාවිතා කරන airdrop ක්‍රමවේදය භාවිත කරමින් ඒ සමග android devices භාවිතා කල හැකි ලෙස සකස් කිරීමක් පමණකි. එසේම තවමත් Apple ආයතනය මේ සම්බන්දයෙන් නිල වශයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

Quick Share Pixel 9 AirDrop

Comments (5)

Please login to comment

Loading comments...