Reload
Language: English தமிழ்

ආපදා සහන ලෙස නොමිලේ Calls සහ Data

Tech News මාස 3 කට පෙර 10274 Views

රට තුල පවතින අයහපත් කාලගුණික තත්වය මත Dialog, SLT Mobitel සහ Airtel ආයතනය Flood Relied Plan එකක් නොමිලේ ලබාදීමට කටයුතු කර ඇත.  ඔබට Dialog හෝ Airtel සිම් පතක් භාවිත කරන්නේ නම්,  #006# dial කිරීමෙන් මෙය active කල හැකි අතර දින 3ක් සඳහා වලංගු වේ .  මෙහිදී ඕනෑම ජාලයකට මිනිත්තු 250 ක කතා කාලයක් (Calls), ඕනෑම ජාලයකට SMS 250 ක්, 1GB Anytime Data හිමිවේ. මෙම සේවාව සක්‍රිය කිරීමේදී යම් තදබදයක් තිබිය හැකි අතර, එසේ වුවහොත්, මද වෙලාවකින් නැවත උත්සාහ කල හැක .  



ඔබ SLTMobitel Mobile Sim පතක් භාවිත කරන්නේ නම් ,  YES ලෙස සඳහන් කර 7677 ට SMS පණිවුඩයක් යොමු කිරීමෙන් ඕනෑම ජාලයකට මිනිත්තු 300, SMS 300 සහ 1GB Data නොමිලේ ලබාගැනීමට හැකිවේ . එසේම හෙට(29 නොවැ) උදෑසන 7 දක්වා SLTMobitel Home Broadband පාරිභෝගිකයින් හට නොමිලේ Data සහ Fixed voice පාරිභෝගිකයින්ට ඕනෑම ජාලයකට නොමිලේ calls ලබාදීමටද තීරණය කර ඇත . 

හැකිතාක් නිවස තුල රැඳෙන්න! දැනුවත් වන්න! ප්‍රවේශම් වන්න! 

flood cyclone free reload

Comments (16)

Please login to comment

Loading comments...