අලුත් iPhone ආවම පරණ ඒවා slow වෙනවද ?

Apple ආයතනය සෑම වසරකම අවසාන භාගයේ අලුත් iPhone lineup එකක් නිකුත් කරන බව අප සැවොම දනිමු. මෙලෙස පැමිණි iPhone 15 lineup එක ගැන අපි කලින් කතා කරා ඔබට මතක ඇති.

බොහොමයක් දෙනෙක් සිදු කරන චෝදනාවක් තමයි ඇපල් යාතනය, අලුත් iPhone lineup එක නිකුත් කිරීමෙන් පසු පරණ iPhones තව දුරටත් භාවිත කල නොහැකි මට්ටමකට පත් කරනවා යන්න. එය ඇත්තක්ද ?

පලවෙමුවෙන්ම අපි කතා කරමු iPhone battery එක ගැන. මෙලෙස භාවිත වෙන්නී Li-ion හෙවත් ලිතියම් අයන් වර්ගයේ බැටරියක්. මේ සෑම battery එකකම ආයු කාලයක් තිබෙනවා වගේම මෙය මනිනු ලබන්නේ battery cycles මගිනි. උදාහරණයක් ලෙස ඔබගේ battery එක 0 සිට 100 දක්වා එක් වරක් ආරෝපණය කිරීමේදී එහි battery cycle 1 කින් ආයු කාලය අඩු වීම සිදුවේ.

මෙලෙස battery එකෙහි ආයු කාලය අඩු වීම iPhone settings හි battery තුල battery health ලෙස පෙන්වීම සිදුවේ. මෙම අගය අඩුවත්ම ඔබගේ battery එක කෙතරම් නිරෝගිද යන්න පෙන්වයි. සරලවම මෙයින් අදහස් වන්නේ, ඔබගේ battery එක තුලින් නිකුත් කරන voltage එක කෙමෙන් කෙමෙන් අඩු වීමයි.

කෙසේ නමුත්, apple ආයතනය සෑම වසරකම iPhone release එකත් සමග අලුත් iOS version එකක් නිකුත් කරන අතරම මෙලෙස නිකුත් වෙන iOS versions වලින් වැඩි processing power එකක් පෙරට සාපේක්ෂව බලාපොරොත්තු වන බව අපි දනිමු. මෙයට හේතුව පෙර සංස්කරණයට වඩා සැම වසරකම අලුතෙන් දේවල් බොහෝ ප්‍රමාණයක් එයට එකතු විමයි.

මෙහිදී ඇතිවන ගැටලුවනම්, ඔබගේ දුරකථනය අරගෙන වසර ගණනාවක් ගොස් තිබීමෙන් දැනටත් බැටරිය මගින් නිපදවන voltage එක මදිවීම නිසා processor එකට නිසි පරිදි වැඩ කිරීම අපහසුව ඇති පසුබිමක, ඔබගේ iOS සංස්කරණයෙන් වෙනදාටත් වඩා performance බලාපොරොත්තු වීමයි.

මෙයට ප්‍රතිචාරයක් ලෙස, පැරණි iPhones වල CPU, underclock කිරීම software updates හරහා apple ආයතනය විසින් සිදු කරනවා. ප්‍රතිපලයක් ලෙස, තව දුරටත් පෙර ලෙසම experience එකක් ලබාගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ.

ඔබ over clocking අසා ඇති. සරලවම පරිගණකයක් තුල ඇති, විශේෂයෙන්ම graphics cards අපි over clock කරන්නේ performance වැඩි කරවා ගැනීමටයි. නමුත් underclock යනු මෙහි විරුද්ධ පදයයි. එනම් CPU එකක වේගය අපි මනින මෙගා හර්ට්ස් අගය (MHz) අඩු කිරීම මෙහිදී සිදු කරනවා.

මෙයින් බලපොරොත්තු වන්නේ, ඔබගේ phone එකෙහි battery එකට ලබා දිය හැකි මට්ටමේ voltage එකකට ගැලපෙන පරිදි cpu එක tune කිරීමයි. මෙයින් සාමාන්‍ය පරිදි ඔබගේ iPhone එක භාවිත කිරීමට ඔබට හැකියාව ලැබෙනවා වගේම battery ඉක්මනින් බැසීමද අවම කරනවා.

නමුත් මේ ගැටලුව විසඳා ගන්නේ කොහොමද.

(1) ඔබට මෙලෙස underclock වීම settings හරහා දැන් disable කල හැක.

(2) ඔබගේ battery එකෙහි health එක 80% වඩා පහත බැස ඇත්නම්, battery එක මාරු කරගැනීමෙන් ගැටලුව විසඳා ගත හැක.

(3) කෙසේ නමුත් software updates මගහැරීමෙන් වලකින්න. බොහෝ සෙයින් වැදගත් security patches ඒ අතර තිබිය හැක.

වැඩි විස්තර දැනගන්න, SL Geek Video එක බලන්න.