Apple සමාගම මිට දින කිහිපයකට පැවැත්වූ ඔවුන්ගේ keynote event එකකදී iPhone 15 Lineup එක පළමු වතාවට announce කරන ලදී. සුපුරුදු පරිදි ප්‍රධාන මාදිලි 4 ක් මෙලෙස නිකුත් වන අතර එයින් 2 ක් pro models ලෙස හැඳින්විය හැක.

iPhone 15, iPhone 15 Plus, iPhone 15 pro, iPhone 15 pro max ලෙස මෙම iPhones 4 නිකුත්වූ අතර එයින් Pro මාදිලි titanium ලෝහය භාවිත කිරීම කැපිපෙනෙන විශේෂත්වයක් විය. Design එක තුලින් ලොකු වෙනසක් නොදැකිය හැකි වුවත් යම් යම් සුළු වෙනස් කම් බලාගත හැකි වේ. ටයිටේනියම් ලෝහය භාවිත කිරීමට ප්‍රධාන හේතුව එය වඩාත් බරින් අඩු වීම නිසා සහ පෙර භාවිත කල සාමාන්‍ය aluminum සහ stainless steel වලට වඩා ශක්තිමත් වීමයි.

European union හි බලපෑම මත, මෙවර iPhone 15 series එක සඳහා සුපුරුදු lightning port එක වෙනුවට type c port එකක් භාවිතා කිරීමද ප්‍රධාන වෙනස්කමකි. එමෙන්ම Airpods සඳහාද type c ports මින් ඉදිරියට පැමිණීම නිසා එක cable එකක් හරහා iPhone, MacBook, Airpods වැනි සියලුම apple devices charge කර ගැනීමට අවස්තාව සැලසේ. එලෙසම external storage එකක් type c port එක හරහා සම්බන්ද කිරීමෙන්, video ඍජුවම external device එක තුලට record කිරීමට හැකි වීමත් විශේෂත්වයකි.

iPhone හි back glass එක repair කිරීමට මෙවර apple official technicians නොවන අයටද අවස්තාව ලබාදෙන්නේ 600$ පමණ අලෙවි වූ back glass එක 200$ මුදලකට වෙනම මිලදී ගැනීමට අවස්තාව සලසමිනි.
Leave a Reply