Acer Aspire 5 13th Gen Laptop

මේ වන විට වෙළඳ පොලෙහි laptops ඉතාමත් ඉහල මිලගණන් යටතේ අලෙවි වන බව අපි හැමෝම දන්නා කරුණක්. කෙසේ වෙතත් දිනපතා අලුත් chips, models සැහෙන්න ප්‍රමාණයක් market එකට පැමිණෙන එක අපට නොවැලක්විය හැකි දෙයක්. ඉතින් මේ විදියට intel සමාගම ටික කලකට ඉහතදී 13th generation processors නිකුත් කල බව අපි හැමෝම මේ වෙද්දීත් දන්නවා. 13th generation යනු මේ වන විට (2023 සප්තම්බෙර්) තිබෙන powerful ම chips ලෙස හැඳින්විය හැක.

මේ මිල ගණන් එක්ක වෙළඳ පොළ සැසඳීමේදී තමයි අපිට Acer Aspire 5 හි 13th Generation laptops හමුවෙන්නේ. ඉතින් අපි අද කතා කරන්නේ Acer Aspire 5, i5 13th generation laptop එක ගැනයි.

i5 13th Generation නිසා වගේම 16GB Ram (මාදිලිය අනුව වෙනස් වේ), 500GB NVME storage එක නිසා powerful laptop එකක් කියලා පටන් ගනිද්දිම කියන්න පුළුවන්. ප්‍රධාන විදියට Valorant වගේ විවිධ games ගොඩක් smoothly play කරන්න පුළුවන් වීම විශේෂත්වයක්.

Windows 11 සංස්කරණය සමග ලැබෙන aspire 5 එකෙහි ගොඩක් heat management ගැන හිතලා design කරලා තියනවා කියල කියන්න පුළුවන්. මෙලෙස, laptop එකෙහි display අතර, පහල කොටසේ air vents සැලකිය යුතු ප්‍රමාණයක් බලාගන්න පුළුවන් වීම තියන විශේෂත්වයක්.

USB 3.2 Gen 1 Type A Ports දෙකක්, HDMI port එකක්, charging port එකක්, 3.5mm audio port එකක්, kensigton port එකක් බලාගන්න පුළුවන්. අවසනාවකට වගේ මේ laptop එකේ අපිට type c port එකක් බලාගන්න නැති වීමනම් අඩුවක් විදියට පෙන්වන්න පුළුවන්.

design එක පැත්තට යද්දී ගොඩක් premium design එකක් ලබාදීලා තියනවා. මම acer laptop එකකින් බලාපොරොත්තු නොවුන premium look and feel එකක් මේ laptop එකේ තියනවා. Gaming සහ profession අතර තියන hybrid design එකක් බැලු බැල්මටම පෙනෙන එක විශේෂත්වයක්.

Display එක ගැන එතරම් සතුටු නොවුනත් අඟල් 15.6 ක full HD LCD display එකක් බලාගන්න පුළුවන්. Colors එක්ක ගොඩක් වැඩ කරන කෙනෙක්ට එතරම් සුදුසු නොවුනත් සාමාන්‍ය user කෙනෙක්ට හොඳ display එකක් බලාගන්න පුළුවන්. Viewing angles වල ගැටළුවක් තියනවා display එක LCD නිසා. නමුත් overall ගනිද්දී price එකට සරිලන display එකක් බලාගන්න පුළුවන්.

ගොඩක් හොඳ සහ විශාල touch pad එකක්, number keys එක්කම එන full keyboard එකක් බලාගන්න ලැබෙනවා.

මිලට average speaker එකක්, ගොඩක් වැඩකෑලි එක්ක web cam එකක් බලාගන්න හම්බවෙනවා. මේ web camera එක ගොඩක්ම low light performance හොඳ වෙන විදියට සකස් කරලා තියනවා වගේම background blur වගේ විවිධ features inbuilt ලැබිල තියනවා.

එක charge එකකින් පැය 6 කට වගේ එක දිගට වැඩ කරන්න පුළුවන් battery එකක් බලාගන්න ලැබීමත් විශේෂත්වයක්.

සම්පුර්ණයෙන් විස්තර දැනගන්න SL Geek Video එක බලන්න.